
ස්වදේශී කොහොඹ විසින්, විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කොහොඹ පැළ සිටුවීමේ ‘ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය’, සිය සමාජ සත්කාර ව්‍යාපෘතියේ දෙවැනි අදියර පසුගියදා ආරම්භ කරන ලදී. බෞද්ධ සම්ප්‍රදාය තුළ සියලුම ජීවීන් සමාන ලෙස සලකනු ලබන අතර, ඔවුන්ගේ දුක් වේදනා සමානව වැදගත් ලෙස සැලකෙයි. මෙයින් අදහස් කරන්නේ, පාරිසරික විනාශයෙන් සතුන්ට සහ ශාකවලට සිදුවන දුක් වේදනා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන අනුකම්පාවෙන් අපගේ පරිසර පද්ධතිය ආරක්ෂා කළ යුතු බවයි.
බුදුන්වහන්සේ වනාන්තරය විස්තර කළේ ජීවන ක්‍රියාවලියේ දී පරිත්‍යාගශීලීන් ලෙස තම නිෂ්පාදන ලබා දෙන සහ ජීවීන්ට ආරක්ෂාව සපයන ස්ථානයක් ලෙසයි. මෙම උතුම් දැක්මට අනුව යමින්, ස්වදේශී ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කඳානේ, ස්වදේශී කර්මාන්තායතනයේ ලංකාවේ අංක 01 ශාකසාර සන්නාමය වන ස්වදේශී කොහොඹ සන්නාමය, මිහිතලය රැක ගැනීමේ සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් සිය “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය” වැඩසටහනේ දෙවැනි අදියරේ පළමු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ඒ පසුගිය පොහෝ දින කිරිබත්ගොඩ, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ පවත්වන ලද කොහොඹ පැළ රෝපණය කිරීමේ වැඩසටහන සමගිනි.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මහත්මිය මෙසේ පැවසුවාය. “කොහොඹ රුක් රෝපණ ව්‍යාපෘතියෙන් ස්වදේශී කර්මාන්තායතනය බලාපොරොත්තු වන්නේ බුදු දහමේ ඉගැන්වීම්වලට අනුව, මතු පරපුර වෙනුවෙන් මෙම මිහිතලය ආරක්ෂා කර ගනිමින් ස්වදේශී කොහොඹ සත්කාරය මුළු රටටම ලබා දීමයි.”
ස්වදේශී කොහොඹ ‘මිහිතල සත්කාරය’ දෙවැනි අදියරෙන් විහාරස්ථානවල කොහොඹ පැළ රෝපණය අරඹයි