IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ

සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය පසුගියදා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් විවෘත විය. මෙය සිය ගනුදෙනුකරුවන්ට, බැතිමතුන්ට මෙන්ම විදේශිකයන්ටද වඩාත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. 
ශ්‍රී ලංකාවේ වැඩිම බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන පූජනීය ස්ථාන අතරින් එකක් වන ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති මෙම ATM යන්ත්‍රය ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටද සුවිශාල පහසුවක් වනු නිසැකය. 



අදහස් (0)

සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site