IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෙලාන් බැංකුව අඛණ්ඩව 14 වැනි වරටත් ප්‍රධාන හවුල්කරු ලෙස කැදැල්ල Art of Living 2025’ සමග අත්වැල් බැඳගනී

සෙලාන් බැංකුව අඛණ්ඩව 14 වැනි වරටත් ප්‍රධාන හවුල්කරු (Title Partner) ලෙස කටයුතු කරන කැදැල්ලArt of Living’ ප්‍රදර්ශනයේ 2025 අදියර නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය. 
ලංකාවේ විශාලතම නිවාස සහ ගෘහ අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනයේදී පුළුල් පරාසයක පැතිරුණු නිවාස සහ ගෘහ අලංකරණ විසඳුම් රාශියක් එකම ස්ථානයකදී දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව හිමි වේ.   
ප්‍රධාන හවුල්කරු වශයෙන් සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනය තුළදී ජනතාවගේ පෞද්ගලික සහ නිවාස අවශ්‍යතාවලට ගැළපෙන බැංකු සේවා රාශියක් ලබාදෙනු ඇත. මෙම සේවා අතරට සූර්ය බලශක්ති ණය පහසුකම් ඇතුළුව විවිධාකාර වූ නිවාස හා පෞද්ගලික ණය මෙන්ම ලීසිං සේවා, ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම හා ඉතුරුම් ගිණුම්, තැන්පතු සහ ඩිජිටල් බැංකුකරණ සේවා ආදිය ඇතුළත් වන අතර, මේ සියල්ල ජනතාවට සෙලාන් කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනයේ සෙලාන් බැංකු කුටියෙන් ලබාගත හැකිය. 
ප්‍රදර්ශනය අතරතුරදී ජනතාවට සෙලාන් නිවාස ණය සම්බන්ධයෙන් පූර්ණ මගපෙන්වීමක් ලබාදීම සඳහා සෙලාන් බැංකුවේ නිවාස ණය විශේෂඥයන් කණ්ඩායමක් සූදානමින් සිටිති. ඔවුන් විසින් තරගකාරී පොලී අනුපාත මෙන්ම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය උපදෙස් පිරිනමමින්, ණය අයඳුම් කිරීමේ සිට අනුමැතිය ලබා දීම දක්වා සෑම අදියරකදීම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහය ලබා දෙනු ඇත. එමෙන්ම ලියකියවිලි ක්‍රියාවලිය ආරම්භ වූ පසුව නිරන්තරයෙන් ඒ පිළිබඳව සොයාබලා ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමටද ඔවුන් කටයුතු කරන අතර, මේ සියල්ල මගින් ගනුදෙනුවරුවන්ට ඉතාමත් පහසු, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සේවාවක් හිමි වේ. 

 



අදහස් (0)

සෙලාන් බැංකුව අඛණ්ඩව 14 වැනි වරටත් ප්‍රධාන හවුල්කරු ලෙස කැදැල්ල Art of Living 2025’ සමග අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site