IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි රුපියල් බිලියන 2ක් වටිනා තිරසර බැඳුම්කරයට අනුමැතිය

භානුක අමරසිංහ


සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට සැලසුම් කළ රුපියල් බිලියන 2ක් වටිනා තිරසර බැඳුම්කර නිකුතුවට අනුමැතිය හිමිව ඇතැයි පවසයි. මෙය අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි, ඉහළ ඵලදාවක් සහිත තිරසාර බැඳුම්කරයක් බව සමාගමේ සැලසුම වී තිබේ. මෙය වසර පහකින් කල් පිරෙන ලෙස ඉදිරිපත්ව ඇත.
මෙහිදී මූලික නිකුතුව ලෙස බැඳුම්කර කොටස් මිලියන 10ක් නිකුත් කෙරෙන අතර, එක් බැඳුම්කරයක මිල රුපියල් 100කි. ඒ හරහා රැස් කෙරෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියනයකි. පළමු නිකුතුවට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් බැඳුම්කර කොටස් මිලියන 10ක් නිකුත් කෙරේ. ඒ අනුව සමස්ත නිකුතුව හරහා රැස් කෙරෙන වටිනාකම රුපියල් බිලියන 2කි.
මෙම නිකුතුවA  සහ B ලෙස කාණ්ඩ දෙකකට වෙන් කර තිබේ. ඉන් A බැඳුම්කරය සඳහා වාර්ෂිකව ගෙවන සියයට 12ක ස්ථාවර පොලී අනුපාතයක් හිමිවන අතර, B බැඳුම්කරය වෙත අර්ධ වාර්ෂිකව ආපසු ගෙවන සියයට 11.66 ක ස්ථාවර පොලී අනුපාතයක් හිමි වෙයි. ලබන ඔක්තෝබර් 08 වැනිදා විවෘත කෙරෙන මෙම තිරසර බැඳුම්කරය සුදුසුකම් ලත් ආයෝජකයන් පිරිසකට පමණක් සීමාවනු ඇතැයි ද සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම පවසයි.



අදහස් (0)

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි රුපියල් බිලියන 2ක් වටිනා තිරසර බැඳුම්කරයට අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site