IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


සර්වෝදය ඩිවලොප්මන්ට් ණයකර නිකුතුවකින් රු. බි. 2ක් රැස් කරගැනීමට යයි

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 2ක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. 
අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවා ගත හැකි ඉහළ ඵලදාවක් සහිත තිරසර බැඳුම්කරයක් ලෙස මෙම ණයකර නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කරයි. මෙහිදී එහිදී එක් කොටසක් රුපියල් 100ක් බැගින්, ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. වසර පහකින් කල් පිරෙන මෙම ණයකර නිකුතුවේ පොලී අනුපාත සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කිරීමට නියමිතව තිබේ.



අදහස් (0)

සර්වෝදය ඩිවලොප්මන්ට් ණයකර නිකුතුවකින් රු. බි. 2ක් රැස් කරගැනීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site