භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සී.ටී. හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සුරේන් ද සිල්වා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මැයි 16 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ගෙන තිබේ.
වසර 27කට අධික කාලයක නීතිඥ වෘත්තියේ අත්දැකීම් සහිත සුරේන් ද සිල්වා මහතා වාණිජ සහ සාගමික නඩු පැවරීම්, බේරුම්කරණය, බුද්ධිමය දේපළ, නෞකා සහ නාවුක කටයුතු පිළිබඳව මෙන්ම පාරිභෝගිකයන් හා සම්බන්ධ නීතිමය කරුණු පිළිබඳ විශේෂඥතාවක් සහිත බව සමාගම පවසයි.
ඒ මහතා වර්තමානයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.
සුරේන් ද සිල්වා සී. ටී. හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට