කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙනුවල දී සියුම් වර්ධනයක් දක්වමින් සියලු කොටස් මිල ඒකක 17,214 දක්වා ඉහළ ගියේය. මෙම වසර තුළ වාර්තාගත වර්ධනයක් සනිටුහන් කර තිබේ. 2024 වසර අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,944.61 ක තිබුණ බව සිහිපත් කළ යුතුය. එම වසර ආරම්භයේ සිට මාස දොළහක කාලය අවසානයේ දී වර්ධනය සියයට 49.66 ක් ව තිබුණ බව පැරණි වාර්තා සනාථ කරයි. එතැන් සිට වරින්වර උච්ඡාවචනය වූ වෙළෙදපොළ ඊයේ සනිටුහන් කළ ඉහළම තත්වය දක්වා ළඟා වී ඇත.
ඊයේ (ජුනි 03) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 234.39 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,131.82 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 96.36 ක ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 41,275 ක් වාර්තා වූ අතර සමාගම් 187 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 66 කි. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,373.09 ක් විය. කොටස් මිලියන 271.9 ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින විදේශ ගනුදෙනුවල දී රුපියල් මිලියන 208.6 ක කොටස් මිල දී ගෙන ඇත. විකිණීම රුපියල් මිලියන 482.2කි. ශුද්ධ විකිණීම් වශයෙන් රුපියල් මිලියන 274ක ධනයක් රටින් බැහැර වී තිබේ. තවමත් විදේශ ආයෝජකයන්ගේ විකිණීමේ ප්‍රවණතාව පවතී.
සම්පත් බැංකුව රුපියල් මිලියන 256 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රුපියල් මිලියන 242 ක්, ඩිජිටල් මොබිලිටි රුපියල් මිලියන 241 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රුපියල් මිලියන 230 ක්, ප්‍රයිම් ලෑන්ඩ් රුපියල් මිලියන 215 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රුපියල් මිලියන 214 ක්, ඒ.සී.එල්. රුපියල් මිලියන 211 ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 210 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රුපියල් මිලියන 198 ක්, හැටන් නැෂනල් රුපියල් මිලියන 169 ක්, සහ කාර්ගිල්ස් බැංකුව රුපියල් මිලියන 165 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථා වශයෙන් සටහන්ය.
නිරීක්ෂක
සියලු කොටස් මිල වාර්තාගත නමුත් විදේශ විකිණීම්වලින් අවාසි