IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 19,500 පසුකරයි

  • S&P SL 20 මිල දර්ශකයත් ඒකක 19.47 කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු‍ කොටස් මිල දර්ශකය ඉතිහාසගත වාර්තාවක් තබමින් ඊයේ (28) ගනුදෙනු අවසානයේදී ඒකක 19,500 සීමාව පසු කළේය. මෙලෙස එම දර්ශකය ඒකක 19,500 සීමාව පසු කළේ ප්‍රථම වරටය.

ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අලු‍ත් කරමින් එහි අගය ඒකක 50.15කින් ඉහළ ගොස් ඒකක 19,517.86ක් ලෙසින් සටහන්ව තිබුණි.

සියලු‍ කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට රෝයල් සෙරමික් ලංකා, මෙල්ස්ටාකෝප්, හේමාස් හෝල්ඩිංග්ස්, CT ෆිනෑන්ස් සහ LB හෝල්ඩිංග්ස් යන සමාගම් ඇතුළුව සමාගම් 97ක කොටස් මිල ඉහළ යාම හේතු වී තිබුණි.

දිනයේ ගනුදෙනු අවසානයේදී S&P SL 20 මිල දර්ශකය ඒකක 19.47 කින් ඉහළ ගොස් ඒකක 5,774.51ක් ලෙසින් සටහන් විය. දිනයේ ගනු දෙනු පිරිවැටුම රුපියල් බිලියන 6.16ක් ලෙස සටහන් විය.

 



අදහස් (0)

සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 19,500 පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site