IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතියට හෙක්ටයාර 219.7ක ඉඩම් ප්‍රදානයක්


නිමල කොඩිතුවක්කු


සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීමට කැබිනට් 'අනුමැතිය ලැබී ඇත.

වසර 2030 වන විට රටේ විදුලි බල ඉල්ලු‍මෙන් සියයට 70ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරයි. එම ප්‍රතිපත්තියට අනුව, සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සුර්ය විදුලි බල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇත.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගා නොකරන හෙක්ටයාර 219.7233 ක භුමි භාගයක් හඳුනාගෙන තිබේ.

යෝජිත ව්‍යාපෘතියේ උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වන පරිදි හෙක්ටයාර 219.7233 ක ඉඩම ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබා දීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතියට හෙක්ටයාර 219.7ක ඉඩම් ප්‍රදානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site