IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


සයිබර් තර්ජන හඳුනා ගැනීමට ව්‍යාපෘතියක්


නිමල කොඩිතුවක්කු


සයිබර් තර්ජන හඳුනා ගැනීම සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්‌යේෂණ ඒකකයක් ((Threat Hunting and Malware Analysis Lab) ) පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී  ඇත.

ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, ජාතික දත්ත හුවමාරු කිරීමේ ඩිජිටල් වේදිකාව සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud) වැනි ප්‍රධාන ව්‍යාපෘති සහ අනෙකුත් රාජ්‍ය ආයතන තුළ සිදු වන ඩිජිටල් කරණ ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට අපේක්ෂා කරනු ලබයි.

එවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත් අවශ්‍යතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ.

ඒ සඳහා සයිබර් තර්ජන හඳුනා ගැනීම හා ඒවාට සාර්ථකව මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණය කිරීමේ හැකියාව සහ මානව සම්පත් ධාරිතාව ප්‍රවර්ධනය හා සයිබර් පර්‌යේෂණ සිදු කිරීම අරමුණු කර ගනිමින් පර්‌යේෂණ ඒකකයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) තුළ පිහිටුවීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත.



අදහස් (0)

සයිබර් තර්ජන හඳුනා ගැනීමට ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site