භානුක අමරසිංහ
සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීමට ශ්‍රී ලංකාවද පියවර ගත් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගියදා වියට්නාමයේ හැනොයි නුවරදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධවලට එරෙහි සම්මුතියට අත්සන් තැබීමේ උත්සවයේදී මෙම කටයුතු සිදුව තිබේ.
මෙහිදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා මෙම සම්මුතියට අත්සන් තබා තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සම්මුතිය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය පවත්වා තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති වරුණ ශ්‍රී ධනපාල මහතා මෙම සම්මුතිය මගින් ඇති කරගන්නා ගෝලිය සම්බන්ධතා මගින් සයිබර් අපරාධවලට එරෙහිව කටයුතු කිරීමට සහ ඒවාට සාර්ථකව මුහුණ දීමට හැකි යාන්ත්‍රණයක් සකස් කිරිමට අවශ්‍ය පදනම සැකසෙනු ඇති බව සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ජාතික කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) 2024 දෙසැම්බර් මාසයේදී නම් කෙරිණි.
සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට ලංකාවත් අත්සන් තබයි