IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


සයිප්‍රසයට තානාපති කාර්යාලයක් විවෘත කිරීම 20 වැනිදා


විමුක්ති එස් රුද්‍රිගු


සයිප්‍රසයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට තානාපති සේවා ලබාගැනීම පහසු කිරීම සඳහා එළැඹෙන 20 සිට සයිප්‍රසයේ තානාපති කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

තානාපති කාර්යාලය විවෘත කිරීමට සයිප්‍රස් රජයේද අනුමැතිය හිමිව තිබෙන බවත් තානාපති කාර්යාලය ඇරඹීමට පත්කළ දූත මණ්ඩලය එළැඹෙන 15 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත් වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

සයිප්‍රසයේ ශ්‍රී ලාංකිකයන් 15,000 ක් පමණ සිටින බවත් එහි තානාපති කාර්යාලය වසා දැමීමත් සමග තානාපති සේවා ලබා ගැනීම සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යාමට සයිප්‍රසයේ ශ්‍රී ලාංකිකයන්ට සිදුවූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එරට සිටින ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලමින් එරට තානාපති කාර්යාලයක් විවෘත කිරිමට විදේශ කටයුතු අමාත්‍යවරයා තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.



අදහස් (0)

සයිප්‍රසයට තානාපති කාර්යාලයක් විවෘත කිරීම 20 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site