IMG-LOGO

2026 ජුනි මස 03 වන බදාදා


සියපත ෆිනෑන්ස් වත්කම් රුපියල් බි. 100 ඉක්මවයි‍

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් සමාගම සතු වත්කම් පදනම රුපියල් බිලියන 100 ඉක්මවීමට සමත් වූ බව ප්‍රකාශ කරයි. 
පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මෙම කරුණු සඳහන් කර තිබේ. ඒ අනුව පසුගිය අප්‍රේල් 30 වැනිදා වනවිට මෙම වත්කම් පදනම රුපියල් 100 ඉක්මවීමට සමත් වූ බව පවසයි. 
මෙම සුවිශේෂී සන්ධිස්ථානය පසු කිරීම සමාගම සතු තිරසාර ව්‍යාපාරික වර්ධනය, සිය ණය කළඹ තවදුරටත් පුළුල් කිරීමේ අවස්ථාව, ශක්තිමත් පාරිභෝගික විශ්වාසය සහ වෙළෙඳ පොළ තත්ව මැද වුවත් සිය මූල්‍යමය ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සමාගම සතු ප්‍රත්‍යස්තතාවත් පිළිබිඹු වන බවත් සියපත ෆිනෑන්ස් වැඩිදුරටත් සඳහන් කරයි. සියපත ෆිනෑන්ස් සම්පත් බැංකුවෙහි පූර්ණ හිමිකාරිත්වය සහිත සමාගමකි. 

 



අදහස් (0)

සියපත ෆිනෑන්ස් වත්කම් රුපියල් බි. 100 ඉක්මවයි‍

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site