IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


සම්පත් බැංකුවේ හරිත බැඳුම්කරයට ෆිච් වෙතින් A ශ්‍රේණියක්

සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරිමට යෝජනා කර ඇති රුපියල් බිලියන 10ක් වටිනා හරිත බැඳුම්කරය වෙත අපේක්ෂිත ජාතික දිගුකාලීන A ශ්‍රේණියක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.
බාසෙල් lll අනුකූල, උපප්‍රධාන හරිත බැඳුම්කරයක් ලෙස සිදු කිරිමට සැලසුම් කර ඇති මෙය වසර පහකින් සහ හතකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන බව බැංකුව පවසයි. මෙය ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරිමටද සැලසුම් කෙරී තිබේ. මෙම හරිත බැඳුම්කරය මගින් බැංකුවෙහි අදියර 2 ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ හරිත ව්‍යාපෘති වෙනුවෙන් ලබා දෙන මූල්‍ය සහායත් සමගින් බැංකුවෙහි ශේෂ පත්‍රය තවදුරටත් වර්ධනය කරගැනීමත් අපේක්ෂාවකි.



අදහස් (0)

සම්පත් බැංකුවේ හරිත බැඳුම්කරයට ෆිච් වෙතින් A ශ්‍රේණියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site