IMG-LOGO

2026 පෙබරවාරි මස 18 වන බදාදා


සම්පත් බැංකුවත් ‘වෙල්ත් මැනේජ්මන්ට්‘ ව්‍යාපාරයට

පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ආරම්භ කිරීමට මහ බැංකුවේ අනුමැතිය 


භානුක අමරසිංහ 


මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව වෙල්ත් මැනේජ්මන්ට් (Wealth Managment)  හෙවත් ධන කළමනාකරණ ව්‍යාපාරය වෙත පිවිසීමට සූදානමින් සිටින බව පවසයි. ඒ සඳහා වන අනුමැතිය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ලබාදී තිබෙන බව බැංකුව ඊයේ (27) අනාවරණය කළේය. මෙහිදී බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් හරහා මෙලෙස ධන කළමනාකරණ ව්‍යාපාරය වෙත පිවිසීමට හැකියාව පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවද අනුමැතිය ලබාදුන් බවද බැංකුව පවසයි.  

කෙසේ වෙතත් මෙම නව ව්‍යාපාරය ආරම්භ කිරීම සම්බන්ධයේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත්, සම්පත් බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෙල්ත් මැනේජ්මන්ට් ව්‍යාපාරයේ නිරත පිරිස්, සම්පත් බැංකුවේ මෙම නව පිවිසීම එම ව්‍යාපාර අංශයේ දැවැන්ත වෙනසක් සිදු වන අවස්ථාවක් බවට පත් වනු ඇතැයි ද සඳහන් කර සිටියි.



අදහස් (0)

සම්පත් බැංකුවත් ‘වෙල්ත් මැනේජ්මන්ට්‘ ව්‍යාපාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site