IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


සමන් සේනාධීර සණස ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ


සණස ලයිෆ් රක්ෂණ සමාගමේ (සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී) නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සමන් සේනාධීර මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 

ඒ අනුව ජූනි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගත් බව සමාගම සඳහන් කරයි. වෘත්තියෙන් නීතීඥයකු වන ඒ මහතා සතුව සාංගමික නීතිය, බුද්ධිමය දේපළ, ගැටුම් නිරාකරණය සහ මානව හිමිකම් යන අංශ පිළීබඳව පුළුල් අත්දැකීම් සහිත බව සමාගම පවසයි. සේනාධීර මහතා මීට පෙර ජාතික වෘත්තීය පුහුණු අධිකාරියෙහි මෙන්ම ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර තිබේ.



අදහස් (0)

සමන් සේනාධීර සණස ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site