විමුක්ති එස් රුද්‍රිගු
සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම පසුගිය 10 වැනිදා නිල වශයෙන් කොළඹදී දියත් කිරීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගන්න උත්සාහයේ සන්ධිස්ථානයක් පසුකළේය.
මෙම මුලපිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෙහෙයවනු ලබන අතර එයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය හිමිවන්නේය. සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම යනු මෙරට සමුද්‍රීය සම්පත් සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා යොදා ගැනීම ඉලක්ක කර ගනිමින් සැකසූ උපාය මාර්ගික රාමුවකි. සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම ආසියානු සංවර්ධන බැංකුව පත්කරන ලද ජාත්‍යන්තර උපදේශක කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එකතු වී වසරකට අධික කාලයක් පුරා සිදු කරන ලද පර්‌යේෂණ උපදේශන සහ ස්ථාන චාරිකා වල ප්‍රතිඵලයකි.
සංරක්ෂණය සහ ආර්ථික අවස්ථාව සමතුලිත කිරීම කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ශක්තිමත්, පරිසර හිතකාමී සංචාරක යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා කෙටි කාලීන සහ දිගුකාලීන පියවර මාලාවක් සමුද්‍රීය සංචාරක මාර්ග සිතියමට ඇතුළත් වේ.
සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම නිල වශයෙන් එළි දැක්වේ