×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 ජුලි මස 10 වන සිකුරාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා සහයෝගීතාව ශක්තිමත් කෙරේ
කතෘ මණ්ඩලය 2026 ජුනි මස 17
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
අඛණ්ඩව තෙවැනි වරටත් ‘දිසි රැළ 2026‘ දියත් කෙරේ
ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂණ වැඩසටහනක් වන ‘දිසි රැළ’ එහි අඛණ්ඩ තෙවැනි වසර මේ වසරේදී සනිටුහන් කරයි.
මෙම වැඩසටහන යටතේ පසුගිය වසරවලදී බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් මහජන දැනුවත් කිරීමේ සහ ප්‍රජා දායකත්ව වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ‘දිසි රැළ 2026’ හරහා එම වැඩසටහන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.
“සමුද්‍රීය පරිසරය පිළිබඳ අවධානයෙන් සිටීම” යන තේමා පාඨය පදනම් කරගනිමින් ආරම්භ කෙරෙන ‘දිසි රැළ’ වැඩසටහන මගින් කලාපීය සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම, දේශසීමා හරහා සිදුවන සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සහ වඩාත් ආරක්ෂිත සමුද්‍ර කලාපයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩනගාගෙන තිබෙන අඛණ්ඩ සහයෝගීතාව මැනවින් ප්‍රදර්ශනය වේ. බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම, මෙහෙයුම් සහයෝගීතාව, නවීන උපකරණ සැපයීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඔස්සේ මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනවසර මසුන් ඇල්ලීම ඇතුළු නීතිවිරෝධී ධීවර කටයුතු ඇතුළු අනෙකුත් නීතිවිරෝධී සමුද්‍රීය අපරාධ වැළැක්වීමට රටවල් ද්විත්වයම එක්ව කටයුතු කරයි.
ඕස්ට්‍රේලියානු රජය පසුගිය වසර තුන පුරා, ‘දිසි රැළ’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂක කටයුතු වෙනුවෙන් නිරීක්ෂණ ඩ්‍රෝන යානා 24ක්, ඕනෑම භූමියක් මත ධාවනය කළ හැකි විශේෂ ATVs රථ 3ක්, ස්ටැබික්‍රාෆ්ට් (Stabicraft) වර්ගයේ මුර සංචාරක යාත්‍රාවක් පරිත්‍යාග කර ඇති අතර පැය 24 පුරාම ක්‍රියාත්මක 106 විශේෂ හදිසි ඇමතුම් අංකය ද හඳුන්වා දී තිබේ.
එමෙන්ම ‘දිසි රැළ 2026’ වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියානු රජය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හැකියාව තවදුරටත් සවිමත් කරමින් වෙරළබඩ නිරීක්ෂණ සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ මෙහෙයුම් සඳහා තවදුරටත් සහාය ලබාදීම සඳහා ඕනෑම භූමි ප්‍රදේශයක ධාවනය කළ හැකි විශේෂ ATVs රථ 5ක් අතිරේක වශයෙන් පිරිනැමීමට ද නියමිතය.
මෙම අඛණ්ඩ හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රියර් අද්මිරාල් රොහාන් ජෝසප් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “දිසි රැළ 2026 වැඩසටහන මගින් කලාපය පුරා සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය අතර පවතින දිගුකාලීන සහයෝගීතාව මැනවින් පිළිබිඹු වෙනවා. අපගේ මුහුදු සීමා ආරක්ෂා කර ගැනීමට සහ නීතිවිරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම් වැළැක්වීමට මහජන සහභාගීත්වය සහ ප්‍රජා දැනුවත්භාවය අතිශයින්ම වැදගත් කාර්යභාරයක් ඉටුකරන අතර මෙම වැඩසටහන නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත වීම ඊට මනා පිටිවහලක් සපයනවා.”
ඒකාබද්ධ නියෝජිත ආයතන කාර්ය සාධක බළකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් අංශයේ අණදෙන නිලධාරී, රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් (RAN) මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “අඛණ්ඩ තෙවැනි වසරේදීත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ‘දිසි රැළ’ වැඩසටහන මගින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සාගරික ආරක්ෂාව සහ කලාපීය සහයෝගීතාව වෙනුවෙන් දක්වන වැදගත් දායකත්වය හොඳින් ඉස්මතු වෙනවා. අඛණ්ඩ ධාරිතා සංවර්ධනය, මෙහෙයුම් සහාය සහ ප්‍රජා දායකත්වයෙන් කලාපය පුරා සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා අපි එක්ව කටයුතු කරමින් සිටිනවා.”
අදහස් (0)
සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා සහයෝගීතාව ශක්තිමත් කෙරේ
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා සහයෝගීතාව ශක්තිමත් කෙරේ