IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

නිමල කොඩිතුවක්කු
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2025 අයවැය මගින් යෝජනා කරන ලද බදු ප්‍රතිපත්ති සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන ඇතුළත්ව පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. එකී සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.
ඒ අනුව, සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site