IMG-LOGO

2026 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා


සැප්තැම්බර් මුල් දින 20දී සංචාරකයෝ 107,093 ක් පැමිණිලා

  • වසරේ මෙතෙක් පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 16.4ක් 

සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළදී මෙරට වෙත පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 107,093ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම පිරිසත් සමගින් වසරේ මෙතෙක් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,642,215ක් ලෙස සටහන්ව තිබේ. 

සැප්තැම්බර් මාසයේ මෙතෙක් වාර්තා වී ඇති දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍යය සංචාරකයන් 5,355කි. මෙලෙස පැමිණි සංචාරකයන් අතරින් 32,536ක් එනම් සමස්තයෙන් සියයට 30ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. එසේම එක්සත් රාජධානියෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් පිළිවෙළින් සංචාරකයන් 7,906ක් සහ 7,393ක් පැමිණ තිබේ. 
මේ අතර වසරේ මෙතෙක් පැමිණි සංචාරකයන් 1,642,215ක් අතරින් සංචාරකයන් 418,019ක්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එසේම එක්සත් රාජධානියෙන් සහ චීනයෙන් පිළිවෙළින් සංචාරකයන් 157,895ක් සහ 107,237ක් පැමිණ තිබේ. 

 



අදහස් (0)

සැප්තැම්බර් මුල් දින 20දී සංචාරකයෝ 107,093 ක් පැමිණිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site