IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


සැප්තැම්බර් මුල් දින දහයේදී සංචාරකයෝ 52,246ක් ඇවිත්

සැප්තැම්බර් මාසයේ පළමු දින දහයේදී සංචාරකයන් 52,246ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්නා දෙයි.

ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,618,769ක් දක්වා ඉහළ ගොස් ඇති බවද නවතම දත්ත වාර්තාවේ සඳහන්ය.

සැප්තැම්බර් මාසයේ පළමු දින දහයේදී වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ සැප්තැම්බර් 04 වැනිදාය. එම සංඛ්‍යාව 5,940කි. එසේම 14,300ක් වන වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇති රට වන්නේ ඉන්දියාවය.

එක්සත් රාජධානියෙන් 4,092ක්, ජර්මනියෙන් 3,488ක් සහ චීනයෙන් 2,796ක් ලෙස සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇති බවද එම වාර්තාවේ සඳහන්ය.



අදහස් (0)

සැප්තැම්බර් මුල් දින දහයේදී සංචාරකයෝ 52,246ක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site