IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


සැප්තැම්බර් උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාව සඳහන් කරයි.

ඉකුත් අගෝස්තු මාසයේ දී මෙම අගය සියයට 1.5 ක් ලෙස සටහන්ව ලිබුණි.
අගෝස්තු මාසයේ දී සියයට 2.9 ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8 ක් දක්වා වැඩි වී ඇත. එමෙන්ම අගෝස්තු මාසයේ දී සියයට 0.4 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 0.7 ක් දක්වා වැඩි වී ඇතැයිද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ය.



අදහස් (0)

සැප්තැම්බර් උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site