IMG-LOGO

2026 මාර්තු මස 29 වන ඉරිදා


සැප්තැම්බරයේදී ලොරි ලියාපදිංචිය දෙගුණයකින් වැඩිවෙලා

  • අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා ලොරි රථ 3290ක් අලු‍තින් ලියාපදිංචි කරලා

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට තුළ අලු‍තින් ලොරි රථ 994ක් ලියාපදිංචි වී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙය අගෝස්තු මාසයේදී ලියාපදිංචි කෙරුණු ලොරි රථ සංඛ්‍යාව වන 519 හා සැසඳීමේදී දෙගුණයකට ආසන්න වැඩිවීමක් බව CAL ආයතනය ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ව තිබේ. 

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත උපයෝගී කරගනිමින් ඔවුන් මෙම වාර්තාව සකස් කර ඇත. එම වාර්තාවට අනුව පසුගිය අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසයේ ‍25 වැනිදා දක්වා කාලය තුළදී අලු‍තින් ලොරි රථ 3290ක් ලියාපදිංචි කර තිබේ. එහිදී අප්‍රේල් ලොරි රථ 181ක්ද, මැයි 357ක්ද, ජූනි 511ක්ද සහ ජූලි 728ක්ද ලෙස ලොරි රථ ලියාපදිංචිය සිදුව ඇත.



අදහස් (0)

සැප්තැම්බරයේදී ලොරි ලියාපදිංචිය දෙගුණයකින් වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site