IMG-LOGO

2026 ජුලි මස 10 වන සිකුරාදා


සපුගස්කන්දට ලිහිසි තෙල් සැපයීමට ටෙන්ඩර් කැඳවීමේ තීරණයක්

 


නිමල කොඩිතුවක්කු


2026/2027 කාලසීමාව සඳහා සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීමේ සහ බෙදා හැරීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සපුගස්කන්ද විදුලි බලාගාරයේ පවතින ඩීසල් එන්ජින් මගින් බලගැන්වෙන ජනන යන්ත්‍ර කට්ටල 12 බල ශක්ති ඉල්ලු‍ම නොකඩවා ජනනය කරන බලාගාර (base load plants) ලෙස ක්‍රියාත්මක වේ. එම ජනන යන්ත්‍ර කට්ටල සඳහා අවශ්‍ය කරන ලිහිසි තෙල් සපයා ගැනීම සහ බෙදා හැරීම සිදු කළ යුත්තේ අදාළ මෙහෙයුම් හා නඩත්තු අත්පොතෙහි දක්වා ඇති පරිදි මුල් උපකරණ නිෂ්පාදක විසින් නිර්දේශිත ලිහිසි තෙල් ලැයිස්තුවේ නියම කර ඇති කාණ්ඩ යටතේය. 

වත්මන් ලිහිසි තෙල් සැපයුම්කරුගේ කොන්ත්‍රාත් කාලසීමාව 2026-05-09 දිනෙන් අවසන් වීමට නියමිත අතර, ඉන් අනතුරුව වර්ෂයක කාලයක් සඳහා නව සැපයුම්කරුවකු තෝරා ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

සපුගස්කන්දට ලිහිසි තෙල් සැපයීමට ටෙන්ඩර් කැඳවීමේ තීරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site