
සුපිරි බොලිවුඩ් රංගන ශිල්පියකු වූ සුනිල් ෂෙට්ටි සමගින් ජනප්‍රිය බොලිවුඞ් තරු සහභාගී වන සුවිශේෂී Signature Diwali Glitz ප්‍රසංගය ඔක්තෝබර් 23 සිට 25 දින දක්වා කොළඹ City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ඒ සමග දීපවාලී උත්සවය සමගින් අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට උදා කර දීමට City of Dreams Sri Lanka සමත් වනු ඇත.
මීට සමගාමීව ජාත්‍යන්තර කීර්තියට පත්  Kathak Rockers  විසින් පවත්වනු ලබන කතක් නර්තන ප්‍රසංගයකින් ඔක්තෝබර් 23 වැනි දින මෙම උත්සවය ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ආකර්ෂණීය නර්තන කලා සමගින් රසිකයන් අමන්දානන්දයට පත් කිරීමට ඔවුහු සූදානමින් සිටිති.
ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳගත් නාගීන් හි 4 වැනි අදියරේ ප්‍රධාන චරිතයට පණ පෙවූ රූමත් ඉන්දියානු නිළියක් සහ නිරූපිකාවන් වන නියා ශර්මා විසින් මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිත සුවිශේෂී රංගනයද පැමිණෙන්නන්ට කදිම ආශ්වාදයක් එක් කරනු නිසැකය. ආකර්ෂණීය රංගන හා නර්තන හැකියාවන්ගෙන් පරිපූර්ණ නියා ඔක්තෝබර් 24 වැනි දින පැවැත්වීමට නියමිත Signature Diwali Glitz  ප්‍රසංගයේදීද සිය හැකියාව ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටියි.
දශක 3කට අධික කාලයක් තිස්සේ චිත්‍රපට 100කට වැඩි ගණනකින් ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකේය රසික හදවත් දිනාගත් සුනිල් ෂෙට්ටි ඔක්තෝබර් 25 වැනි දින පැවැත්වෙන Signature Diwali Glitz හි අවසන් දින රාත්‍රියට සහභාගී වනු ඇත්තේ නරඹන්නන්ට තවත් නැවුම් අත්දැකීමක් එක් කරමිනි.  Mohra, Dilwale, Border  වැනි සුපිරි චිත්‍රපට රැසක මෙන්මHera Pheri iy Phir Hera Pheri  යනාදී විකට සිනමා පටවල අමතක නොවන රංගන හැකියාව ප්‍රදර්ශනය කළ සුනිල් ෂෙට්ටි City of Dreams Sri Lanka  වේදිකාව මත සජීවීව දැක ගැනීමේ විරල අවස්ථාව එදින රසිකයන්ට උදා වේ.
සුනිල් ෂෙට්ටි ඇතුළු බොලිවුඞ් තරුවලින් හැඩ වෙන “Signature Diwali Glitz” සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා හිදී