IMG-LOGO

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා


සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් මහරාජා ෆුඩ්ස් කොටස් හිමිකාරීත්වය ඉහළ නංවා ගනී


භානුක අමරසිංහ 


පසුගිය වසරේදි කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක් වන මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගමේ තවත් කොටස් 2,540,083ක් එනම් සමස්ත කොටස් අතරින් සියයට 2.03ක් මිලදී ගැනීමට සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම පසුගියදා පියවර ගෙන තිබේ. 

මෙහිදී කොටසක් රුපියල් 8.60ත් 9.00ත් අතර මුදලකට ගනුදෙනුව සිදුව අත. මෙම මිලදී ගැනීමට පෙර සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සමාගම සතුව එම සමාගමෙහි තවත් කොටස් 10,136,258ක් තිබී ඇතැයි සඳහන් වෙයි. එය සියයට 8.11ක ප්‍රතිශතයකි. ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම එම සමාගම සතු කොටස් සංඛ්‍යාව 12,676,341ක් දක්වා එනම් 10.14ක් ලෙස ඉහළ ගොස් තිබේ. සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් මෙරට ප්‍රකට ආයෝජකයකු වන වෛද්‍ය ටී. සෙන්තිල්වර්ල් සතු සමාගමකි. 



අදහස් (0)

සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් මහරාජා ෆුඩ්ස් කොටස් හිමිකාරීත්වය ඉහළ නංවා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site