IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සෞදි සංවර්ධන අරමුදල ලංකාවට දුන් රු.බි. 41 ක් ප්‍රතිව්‍යුහගත කෙරේ

 


විමුක්ති එස්. රුද්‍රිගු


මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව සහ සෞදි සංවර්ධන අරමුදල ද්විපාර්ශ්වික සංශෝධිත ණය ගිවිසුමට පෙරේදා (14) අත්සන් තැබුවේය.
ද්විපාර්ශ්වික ණය සංශෝධිත ගිවිසුම මගින් සෞදි අරාබියාව මෙරටට ලබා දී තිබූ සෞදි රියාල් මිලියන 516 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 41 ක) ණය මුදලක් ප්‍රතිව්‍යුහගත වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සංශෝධිත ණය ගිවිසුමට අත්සන් තැබූ බවත් සෞදි සංවර්ධන අරමුදල වෙනුවෙන් එම අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල් රහ්මාන් අල්මර්ෂාඩ් මහතා ගිවිසුමට අත්සන් තැබූ බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.

ආර්ථික අර්බුදයත් සමග ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශ කිරීමෙන් පසුව පවා මෙරටට ණය මුදල් අඛණ්ඩව ලබා දෙමින් සෞදි අරාබිය ශ්‍රී ලංකාව විශාල සහායක් ලබා දුන් බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.



අදහස් (0)

සෞදි සංවර්ධන අරමුදල ලංකාවට දුන් රු.බි. 41 ක් ප්‍රතිව්‍යුහගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site