සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කවුන්සිලයක් ස්ථාපිත කිරීම සඳහා වන කටයුතුවල අවසන් අදියර ක්‍රියාත්මක වෙමින් පවතින බව සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
සෞදියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් පසුගියදා එම යෝජිත සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලයේ සාමාජිකයන් හමුවී මේ පිළිබඳ අවසන් එකඟතාවට පැමිණීමේ කටයුතු සිදුකර ඇතැයි පවසයි.
මෙහිදී සෞදි මණ්ඩල සම්මේලනය (Federation of Saudi Chambers) සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ වාණිජ සම්මේලන මණ්ඩලය (FCCISL) අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුමක් යටතේ මෙම ව්‍යාපාර කවුන්සිලය ස්ථාපිත කරගැනීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ. දිගුකාලයන් පුරා අවශ්‍යව තිබූ මෙම සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කවුන්සිලයක් ස්ථාපිත කිරිමත් සමගින්ම එය දෙරට අතර පෞද්ගලික අංශයේ වෙළෙඳ, ආයෝජන සහ අනෙකුත් වාණිජ උනන්දුවක් පවතින අංශ කෙරෙහි දායකත්වය ලබා දෙනු ඇතැයිද සඳහන් වෙයි.
සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලයක් ස්ථාපිත කිරීමට සැලසුමක්