IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සෞදි අරාබිය ‘කෆාලා‘ ක්‍රමවේදය ඉවත් කරයි

  •  මිලියන 13ක් පමණ  වන විදේශීය ශ්‍රමිකයන්ට  වඩාත් හොඳ අවස්ථාවක්
  • අද වනවිට ශ්‍රී ලාංකික  ශ්‍රමිකයන් 150,000 කට  ආසන්න සංඛ්‍යාවක්  සෞදි අරාබියේ රැකියාවල
සෞදි අරාබියේ රැකියා සඳහා පැමිණෙන සංක්‍රමණික සේවකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ “කෆාලා“ හෙවත් අනුග්‍රාහකත්ව ක්‍රමවේදය ඉවත් කිරීමට එරට බලධාරීන් ඊයේ (22) තීරණය කළ බව වාර්තා වෙයි. 
ඒ අනුව මෙය අද වනවිට සෞදි අරාබියේ රැකියාවල නිරතව සිටින මිලියන 13ක් පමණ වන විදේශීය ශ්‍රමිකයන්ට වඩාත් හොඳ අවස්ථාවක් බවද සඳහන් වෙයි. 
මෙම කෆාලා ක්‍රමවේදය මගින් එරටට පැමිණෙන සෑම සංක්‍රමණික සේවකයකුම තමා වෙත අනුග්‍රාහකත්වය දක්වන කෆීල්වරයා වෙත නීත්‍යානුකූලව බැඳීම අනිවාර්ය විය. ඒ අනුව සේවකයාගේ වීසා බලපත්‍රය, රට තුළ ජීවත්වීමේ අයිතිය, රැකියාව වෙනස් කිරීමේ අයිතිය මෙන්ම රටින් පිටවීමේ අවස්ථාවද පාලනය කෙරුණේ මෙම කෆීල්වරයාගේ තීරණයට අනුවයි. මේ හේතුවෙන් එම ක්‍රමවේදය පිළිබඳ ජාත්‍යන්තර කම්කරු නීති යටතේ දැඩි විරෝධතා එල්ල වූ අතර, වත්මන් සෞදි පාලනය සිය දැක්ම 2030 යටතේ එම ක්‍රමවේදය ඉවත් කරන බව පසුගිය ජූනි මාසයේදී ප්‍රකාශ කර තිබුණි. 
අද වනවිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 150,000 කට ආසන්න සංඛ්‍යාවක් සෞදි අරාබිය තුළ රැකියා කරන අතර, 2024 වසරේ මුල් මාස 11 තුළදී පමණක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 45,008 ක් සෞදියේ රැකියා වෙත ගොස් තිබේ. 
දැනට දශක හතකට පමණ පෙරාතුව සෞදි අරාබිය ඇතුළුව කලාපයේ රටවල ඇති වූ බොරතෙල් කර්මාන්තයේ වර්ධනයත් සමගින්ම විදේශිය සේවකයන්ට එරටට පැමිණීමට අවස්ථාව හිමිවිය. එහිදී අදාළ කටයුතු පාලනය වෙනුවෙන් මෙම ක්‍රමවේදය හඳුන්වාදුනි.



අදහස් (0)

සෞදි අරාබිය ‘කෆාලා‘ ක්‍රමවේදය ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site