IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


සතියේ පළමු දිනයේදීම කොටස් වෙළෙඳපොළ පහළට

අලු‍ත් අවුරුදු සහ මහ සිකුරාදා නිවාඩු දින කිහිපයෙන් පසුව කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පළමුවරට සිදුවුණු ඊයේ දිනයේදී මිල දර්ශක දෙකම යම් පසුබැසීමක් පෙන්නුම් කෙරිණි. 

ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 15,599.61 ක් ලෙස ඒකක 16.96කින් එනම් සියයට 0.11කින් පහළ වැටුණි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL20) දර්ශකය ඒකක 4,621.22 ක් ලෙස පෙර දිනයට සාපේක්ෂව ඒකක 3.02කින් එනම් සියයට 0.07කින් පහත වැටුණි. දිනයේ ගනුදෙනු අවසානයේදී කොටස් මිලියන 42.3 ක් ගනුදෙනු වී තිබූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1,16 ක් විය. දිනය තුළ සමාගම් 81ක වටිනාකම් ඉහළ ගිය අතර, සමාගම් 86ක වටිනාකම් පහළ වැටුණි.



අදහස් (0)

සතියේ පළමු දිනයේදීම කොටස් වෙළෙඳපොළ පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site