IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සතිය ආරම්භයේදීම කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

  • සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,838.39 ක් දක්වා ඉහළට

අලු‍ත් සතියක් සඳහා කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භවූ ඊයේ දිනයේදී එහි දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදු විය. විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ පවතින සුබවාදී බලාපොරොත්තු ඊට හේතුවී තිබේ. 

ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 18,838.39ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 297.13 කින් එනම් සියයට 1.60කින් ඉහළ ගියේය. එහිදී සමාගම් 132ක වටිනාකම් ඉහළ ගිය අතර, 90 ක වටිනාකම් පහත වැටුණි. 

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඞ් පුවර්ස් ශ්‍රීලංකා 20 S&PSL 20  දර්ශකයත් ඒකක 5,628.71ක් දක්වා ඒකක 142.21 කින් එනම් සියයට 2.59 කින් ඉහළ ගියේය. දිනය තුළ කොටස් මිලියන 520.3ක් ගනුදෙනු වූ අතර, දිනය තුළ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.49ක් විය.  



අදහස් (0)

සතිය ආරම්භයේදීම කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site