IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමට ෂාරුක් වෙනුවට රිතික්


විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) විවෘත කිරීමේ උත්සවය සඳහා තමන් එළඹෙන 2 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් කෙටි වීඩියෝ පණිවුඩයක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය.

තමන් කොළඹ නගරය අත්විඳ ගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටින බවද රිතික් රෝෂන් තැබු කෙටි වීඩියෝ පණිවුඩයේ සඳහන් විය. සංවිධායකයන් ප්‍රකාශ කර සිටියේ සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) විවෘත කිරීමේ උත්සවයට පැමිණෙන රිතික් රෝෂන් පිළිගැනීමට සියලු‍ කටයුතු සූදානම් බවයි. රිතික් රෝෂන් දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනයේ අත්දැකීම විඳ ගන්නා අයුරු දැක ගැනීමට මහත් නොඉවසිල්ලෙන් බලා සිටින බවද සංවිධායකයෝ ප්‍රකාශ කළහ.

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් සමූහය සහ මෙල්කෝ රිසොර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම එක්ව ගෙන එන සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවාඩු නිකේතනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් යටතේ ඉදිවූවකි. මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ශාලාවක්, නුවා සන්නාමය යටතේ එන සුඛෝපභෝගී හෝටලයක්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් සහ ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක් මෙන්ම සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලු‍ම දේ ඇතුළත්ය.



අදහස් (0)

සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමට ෂාරුක් වෙනුවට රිතික්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site