IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ස්ටාර්ලින්ක් මෙරට නිල බෙදාහරින්නා සිංගර්

භානුක අමරසිංහ

ලොව ජනප්‍රිය චන්ද්‍රිකා අන්තර්ජාල සේවා සම්පාදන සමාගමක් වන ස්ටාර්ලින්ක් සේවාවේ මෙරට නිල බෙදාහරින්නා ලෙස සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම පත් කර ඇතැයි වාර්තා වෙයි. 

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිංගර් සමාගම පසුගිය සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කර තිබූ අතර, ඊයේ දිනය වනවිට සිංගර් ශ්‍රී ලංකා සහ ස්ටාර්ලින්ක් සමාගමේ මෙරට සමාගම වන ස්ටාර්ලින්ක් ශ්‍රී ලංකා සමාගමද සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ බව සනාථ කර තිබුණි. 

ඒ අනුව සිංගර් සමාගමේ අලෙවිය හරහා ස්ටාර්ලින්ක් උපාංග මිලදී ගැනීමේ අවස්ථාව ඉදිරියේදී ජනතාව වෙත හිමිවනු ඇතැයි සදහන් වෙයි. මෙරට තුළ ඉලෙක්ට්‍රික් සහ ඉලෙක්ට්‍රොනික උපාංග අලෙවියේ නිරත ප්‍රමුඛතම සමාගමක් වන සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ හේලීස් සමූහයට අයත් සමාගමකි. 



අදහස් (0)

ස්ටාර්ලින්ක් මෙරට නිල බෙදාහරින්නා සිංගර්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site