IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


සංජය මොහොට්ටාල NDB අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ 


මෙරට පුමුඛතම සංවර්ධන බැංකුවක් වන NDB (National Developemnt Bank PLC) හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සංජය මොහොට්ටාල මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මොහොට්ටාල මහතා මැයි 16 වැනිදා සිට බලාත්මක වන පරිදි බැංකුවෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. 

මෙහිදී NDB බැංකුවේ සියයට 9.96ක කොටස් හිමිකාරීත්වයක් හිමි නෝර්වේහි NORFUND අරමුදල මගින් බැංකුව වෙත නම් කළ අධ්‍යක්ෂවරයා ලෙස මොහොට්ටාල මහතා පත් කර තිබේ. මෙතෙක් කලක් එම අරමුදලෙහි නියෝජිතයා ලෙස කටයුතු කළ පියචත්‍ර චෙත්නාකර්න්කුල් වෙනුවට මෙම නව පත් කිරීම සිදු කර තිබේ. 

බොස්ටන් කන්සල්ටින්ග් ගෘප්හි ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වන ‍සංජය මොහොට්ටාල මහතා මීට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසින්ද කටයුතු කළේය. වර්තමානයේදී ඒ මහතා සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.

 



අදහස් (0)

සංජය මොහොට්ටාල NDB අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site