IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


සංචාරක සංවර්ධන අධිකාරිය-නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්

(හර්ෂණ තුෂාර සිල්වා)

සංචාරක ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීම වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට අද (15) අත්සන් තැබිණි.


එහිදි ශ්‍රී ලංකා සංවාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කාවන් රත්නායක හා නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

සංචාරක ව්‍යාපෘති සහ ආයෝජනවලදී අදාළ ව්‍යාපෘතිවලට අනුමැතිය ලබාගැනීම කඩිනම් කිරීම මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ ප‍්‍රධාන අරමුණ වී තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය මෙම කි‍්‍රයාවලියේදී තාක්ෂණික සහාය දක්වයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සිවු අවුරුදු සංචාරක ක‍්‍රමෝපාය  සැලැස්ම සහ  ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය මෙරට ආයෝජන වැඩි කිරීමේ අරමුණින් දියත් කරන වැඩසටහනට සමගාමීව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. 



අදහස් (0)

සංචාරක සංවර්ධන අධිකාරිය-නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site