
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට රටවල් රැසක සංචාරකයන් පිරිසක් සහභාගී කරවාගෙන අපූරු වැඩසටහනක් හික්කඩුව හික්කා ට්‍රාන්ස් හෝටල් පරිශ්‍රයේදී නිමාවට පත්විය.
මෙරට සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන ටුක් ටුක් (tuk tuk) ත්‍රීරෝද රථ සමාගම මේ අපූරු වැඩසටහන සංවිධානය කළේය.
ඉදිරියේ එළැඹෙන සංචාරක සමය වෙනුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා විදේශ සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය වෙනුවෙන් අවධානය යොමු කර ගැනීම පිණිස මේ වැඩසටහන මේ ත්‍රීරෝද සංගමය විසින් දියත් කරන ලදී.
රටවල් විසිහතක සංචාරකයන් පිරිසක් සහභාගී කරවාගෙන මේ වැඩසටහන ආරම්භ කර තිබිණි.
එහිදී මේ රටවල් විසිහතේ සංචාරකයන් ටුක් ටුක් ත්‍රිරෝද රථවලින් රට වටා සංචාරය කිරීමට අදාළ සමාගම පියවර ගත්තේය.
එහි ගමනාන්තය සනිටුහන් කළේ හික්කඩුව හික්කා ට්‍රාන්ස් සංචාරක හෝටල් පරිශ්‍රයේදීය.
විදෙස් සංචාරකයන් ටුක් ටුක් ත්‍රිරෝද රථවලින් රට වටා යමින් සංචාරයේ නිරතවූ අතර, ඔවුන් රටේ ජනතාව සමග එක්ව නොයෙකුත් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ විමද විශේෂයෙන්ම කැපී පෙනුණි.
මෙහිදී මේ සංචාරයට එක්වූ විදේශිකයන් ත්‍රිරෝද රථවල නැගී මඩකලපුව, මහනුවර, මීගමුව ආදී ප්‍රදේශවල සංචාරය කළ අතර ඔවුහු එම ප්‍රදේශවල ප්‍රජා සත්කාරවලද නිරතවූහ. විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කිරීමට ත්‍රිරෝද රථ ලබාදෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම වැඩි දියුණු කිරීමටත් සංචාරක ව්‍යාපාරය ගමට ගෙන යාමත් මේ සංචාරක වැඩසටහනේ තවත් අරමුණක් වී තිබිණි.
තරගාවලියක් ලෙස මේ සංචාරක ත්‍රිරෝද රථ ධාවනය කෙරුණු අතර, ඒ තුළින් ලැබෙන ආදායමෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පානයට අවශ්‍ය සුදුසු ජලය ලබා ගැනීමට නොහැකිවූ අයට ජල පෙරන ලබාදීමටද පියවර ගෙන තිබුණි.
මේ තරගාවලියේ ගමනාන්තය හික්කා ට්‍රාන්ස් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර ස්පාඤ්ඤය , එංගලන්තය ඉන්දියාව ආදී රටවල් 27 ක් නියෝජනය කරමින් විදේශීය සංචාරකයෝ 270ක් සහභාගීවූහ.

සංචාරක ව්‍යාපාරය නැංවීමට හික්කඩුවේදී වැඩසටහනක්