ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකාර ආයතනය විසින් පවත්වනු ලබන සංචාරක මග පෙන්වන්නන් සහ රියදුරන් සඳහා පවත්වන සිව් දින වැඩමුළුව අද (11දා) සිට 14 වැනිදා දක්වා කොළඹ කොටුවේ මෙට්‍රෝපොලිටන් විශ්වවිද්‍යාලායීය (KDU) පරිශ්‍රයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා සේවා මුක්ත (ත්‍රිවිධ හමුදා) ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩමුළුවට 409 දෙනකු සහභාගි වන අතර අවසන් දින පැවැත්වෙන විභාගය සමත්වන අයට පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමේ.
මේ පිළිබඳ වැඩිදුර විස්තර ගුවන් කොමදෝරු අමල් විමලරත්න මහතාගෙන් ලබාගත හැක.
සංචාරක මග පෙන්වන්නන් සහ රියැදුරන්ට වැඩමුළුවක්