IMG-LOGO

2026 අගෝස්තු මස 02 වන ඉරිදා


සංචාරක පැමිණීමේ සියයට 2.5ක වර්ධනයක්

  • ලි 01 - 15 තුළ සංචාරකයන් 90,122ක් පැමිණිලා 
  • පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි 

ජූලි මාසයේ මුල් දින 15 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 90,122ක් ලෙස සටහන්ව ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාව තුළ පැමිණි සංචාරකයන් 87,964 ට සාපේක්ෂව සංචාරකයන් සියයට 2.5 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. 

ජූලි මාසයේ පළමු සතියේ පැමිණි සංචාරකයන් 40,821ක්, දෙවැනි සතියේ පැමිණි සංචාරකයන් 43,387ක් සහ 15 වැනිදා පැමිණි 5,914 ක් සමගින් මෙම සංඛ්‍යාව සටහන්ව තිබේ. ඒ අනුව මාසයේ මේ දක්වා දෛනික සංචාරක පැමිණීම්හි සාමාන්‍ය සංචාරකයන් 6008ක් ලෙස සටහන්ව තිබේ. 

මෙලෙස පැමිණි සංචාරකයන්ගෙන් 20,480ක් එනම් සියයට 23ක්ම ඉන්දියානු සංචාරකයන්ය. එක්සත් රාජධානියෙන් 9,277 ක් සහ චීනයෙන් 5,494ක් පැමිණ තිබේ. 

මෙම සංචාරක පැමිණීම්ද සමගින් වසරේ මෙතෙක් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,236,695ක් දක්වා ඉහළ නැග තිබේ. ඒ අතරින් සංචාරකයන් 314,163ක්ම ඉන්දියානුවන්ය. එක්සත් රාජධානියෙන් 117,844ක් සහ චීනයෙන් 81,665 ක් පැමිණ තිබේ. 



අදහස් (0)

සංචාරක පැමිණීමේ සියයට 2.5ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site