IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


සංචාරක පැමිණීම් ලක්ෂ 9 ඉක්මවයි

මැයි මාසයේ මුල් දින 06 ක කාලයේදී මෙරට වෙත පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 28,578ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 

ඒ අනුව මෙය 2025 වසරේ මැයි මාසයේ මුල් දින 06 ට පැමිණි සංචාරකයන් 29,016 හා සැසඳීමේදී සියයට 1.5 ක පසු බැසීමකි. මෙහිදී දෛනික සංචාරක පැමිණීම්හි සාමාන්‍ය සංචාරකයන් 4,763කි.

මේ අතර 2026 ජනවාරියේදී පැමිණි සංචාරකයන් 277,327ක්, පෙබරවාරියේදී පැමිණි 279,328ක්, මාර්තුවේදී පැමිණි 135,643ක් සහ අප්‍රේල් මාසයේදී පැමිණි 135,643ත් සමගින් වසරේ මේ දක්වා මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 904,855 ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් අතරින් වැඩිම සංචාරක පැමිණීම ලෙස ඉන්දියානුවන් 200,796ක් පැමිණ තිබේ. 

එසේම එක්සත් රාජධානියෙන් සංචාරකයන් 90,337ක් සහ රුසියාවෙන් සංචාරකයන් 73,924ක් පැමිණ තිබේ. චීනයෙන් සහ ජර්මනියෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙලින් 61,046 ක් සහ 60,256 කි. ප්‍රංශයෙන් සංචාරකයන් 46,078 ක්ද ඔස්ට්‍රේලියාවෙන් 43,727ක්ද පැමිණ තිබේ.



අදහස් (0)

සංචාරක පැමිණීම් ලක්ෂ 9 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site