IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට යුවාන් මිලියන 5 ක රියැලිටි වැඩසටහනක් නොමිලේ

විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මානත්ය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ හුනාන් මාධ්‍ය ආයතනය සහ මැන්ගෝ ටීවී ඩිජිටල් වේදිකාව එක්ව නිෂ්පාදනය කළ සෙරෙන්ඩිපිෂස් ජර්නිස් රියැලිටි වැඩසටහන සාර්ථකව රූගත කර අවසන් කළ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ප්‍රකාශ කළේ, මෙවැනි රියැලිටි වැඩසටහනක් නිර්මාණය කිරීමට සාමාන්‍යයෙන් චීන යුවාන් මිලියන 5 ක් පමණ වැයවුවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම සඳහා නොමිලේ නිර්මාණය කර ඇති බවයි.
මෙම රියැලිටි වැඩසටහනට පෙනී සිටින සුවාන් සිටාවෝ සහ ෂු ගැන්ග්ට මිලියන 120 කට වැඩි රසිකයන් පිරිසක් සිටින බවත්, මෙම වැඩසටහන මීට පෙර රූගත කළ අනෙකුත් රටවල සංචාරක කර්මාන්තයට තල්ලු‍වක් ලැබී තිබෙන බවද ඔහු පැවැසුවේය. එළැඹෙන ජූලි මාසයේදී මැන්ගෝ ටීවී ඔස්සේ රියැලිටි වැඩසටහන ප්‍රදර්ශනය ආරම්භ වන බවත්, වැඩසටහන ප්‍රදර්ශනය වීමෙන් පසුව චීන සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට යුවාන් මිලියන 5 ක රියැලිටි වැඩසටහනක් නොමිලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site