IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


සංචාරක කර්මාන්තය නංවන්න ස්පාඤ්ඤ ආණ්ඩුවෙන් යූරෝ බිලියන 4.25ක සැලැස්මක්

නව කොරෝනා වයිරසය හේතුවෙන් කඩාවැටුණු සංචාරක කර්මාන්තය ගොඩගැනීම සඳහා ස්පාඤ්ඤ ආණ්ඩුව යූරෝ බිලියන 4.25 (ඇමෙරිකානු ඩොලර් බිලියන 4.78) සැලැස්මක් ඉදිරිපත් කර ඇත.

ස්පාඤ්ඤය යනු නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතයෙන් දැඩි බලපෑමක් එල්ල වූ රටවල් අතරින් එකකි.

නව කොරෝනා වයිරසයේ බලපෑම නිසා ස්පාඤ්ඤ ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්විය. එරටට ආදායම් ගෙන දෙන ප්‍රධානම කර්මාන්තයක් වන සංචාරක කර්මාන්තයට ද ඒ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල විය.

‘‘ස්පාඤ්ඤය සංචාරක කර්මාන්ත නැවත ආරම්භ කරනව’’ යැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් පැවැසීය.

‘‘අපි ලෝක නායකයෙක්. අපි ගන්න සෑම ක්‍රියාමාර්ගයක්ම ආරක්ෂිත’’ යැයි ද නව සැලැස්ම ඉදිරිපත් කරමින් හෙතෙම කීය.

අල්ජසීරා

 

055 

 



අදහස් (0)

සංචාරක කර්මාන්තය නංවන්න ස්පාඤ්ඤ ආණ්ඩුවෙන් යූරෝ බිලියන 4.25ක සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site