IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්

 නිමල කොඩිතුවක්කු


සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
සංචාරක ව්‍යාපාරයේ නිරත වන පිරිස් අතරින් 8000ක පමණ පිරිසක් රජයේ ලියාපදිංචි වී ඇති අතර, අවිධිමත් සංචාරක කර්මාන්තයේ නිරත පිරස් කඩිනමින් ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. පළාත් සංචාරක ආයතන සියල්ල ඒකාබද්ධ කරමින් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (0)

සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site