IMG-LOGO

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා


සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු


මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය මාර්තු මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,038,682 ක් ලෙස සටහන් වූ අතර එය 2023 වසරේ සටහන් වූ 2,026,871 ක සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 0.6 ක වර්ධනයකි. එසේම මෙම වසරේ පළමු මාස තුනේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 1.5 කින් වර්ධනය වී ඇතැයිද මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. එසේම පසුගිය වසරේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 4.8 කින් 91,371 කින් ඉහළ ගොස් ඇතැයිද මහ බැංකු දත්ත වාර්තා ප්‍රකාශ කළේය. 



අදහස් (0)

සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site