IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සෙංකඩගල ෆිනෑන්ස් හිමිකම් නිකුතුවට CSE අනුමැතිය

භානුක අමරසිංහ

සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිදු කිරීමට යෝජනා කර තිබූ සිය හිමිකම් නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුව (CSE) අනුමැතිය ලබාදී ඇතැයි සමාගම පවසයි. පසුගිය දෙසැම්බර් 29 වැනිදා එම අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අදාළ නිකුතුව සම්බන්ධයෙන් සැලසුම් කළ දින ප්‍රසිද්ධියට පත් කිරීමටද එම සමාගම කටයුතු යොදා තිබේ. 

මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 20ක් සඳහාම අලු‍තින් කොටස් 1ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 4,313,992ක් වන අතර, කොටසක් රුපියල් 240.00 ක් බැගින් නිකුතුවේ වටිනාකම රුපියල් 1,035,358,080 කි. 

මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් මගින් සමාගම සැලසුම් කර ඇති ව්‍යාපාර වර්ධනය සඳහා සහාය දක්වන ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරගැනීම අරමුණ බවත්, සමාගමෙහි ණය පොත තවදුරටත් පුළුල් කරගැනීම සඳහාද මෙම මුදල් යොදා ගන්නා බවත් සමාගම සඳහන් කරයි. 

 



අදහස් (0)

සෙංකඩගල ෆිනෑන්ස් හිමිකම් නිකුතුවට CSE අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site