IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 2.73 ක්

  • පෙර මූල්‍ය වර්ෂයේදී  ශ්‍රී ලංකන් ගුවන් සේවයට  රුපියල් බි. 7.92ක ලාබයක්
  • 2024/25 මූල්‍ය වර්ෂයේදී  ශ්‍රී ලංකන් ගුවන්  සේවයේ ලාබය සියයට  134.6 කින් පහළ ගිහින්
  • 2024/25 මූල්‍ය වර්ෂයේදී  ශ්‍රී ලංකන් ආදායම රුපියල් බිලියන 303 දක්වා සියයට 10.8 කින් පහළට
  • පෙරට වසරට සාපේක්ෂව  මෙහෙයුම් වියදම්  සියයට 11.7 කින්  රුපියල් බිලියන 276.3  දක්වා පහළ ගිහින්
  • ගුවන් සේවයේ මුළු වත්කම්ද රුපියල් බිලියන 189.2 ක් දක්වා සියයට 6.1කින් පහත වැටිලා
  • කොටස් හිමියන්ගේ අරමුදල් මෙම වසරේදී  සෘණාත්මක මට්ටමක  රුපියල් බි. 379.5 සීමාවේ
  • අනෙකුත් ආදායම් රු. බිලියන  27.1 ක දක්වා සියයට  16 කින් පෙර වසරට  සාපේක්ෂව වර්ධනය වෙලා
විමුක්ති එස් රුද්‍රිගු
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය මාර්තු 31 වැනිදායින් අවසන් 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 2.73 ක පාඩුවක් ලබා ඇතැයි එම ගුවන් සේවය පසුගියදා නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
ඊට පෙර මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 7.92ක ලාබයක් ලබාගෙන තිබූ අතර, ඊට සාපේක්ෂව 2024/25 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාබය සියයට 134.6 කින් පහළ ගොස් ඇත. එහිදී 2024/25 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආදායම රුපියල් බිලියන 303 දක්වා සියයට 10.8 කින් පහළ ගොස් ඇති අතර 2023/24 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආදායම රුපියල් බිලියන 339.6 ක් විය.
කෙසේ නමුත් මෙම වසරේදී පෙරට වසරට සාපේක්ෂව මෙහෙයුම් වියදම් සියයට 11.7 කින් රුපියල් බිලියන 276.3 දක්වා පහළ ගොස් ඇත. 2023/24 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 313 ක් විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුළු වත්කම් පෙර වසරට සාපේක්ෂව 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 189.2 ක් දක්වා සියයට 6.1කින් පහළ ගොස් ඇත. 2023/24 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුළු වත්කම රුපියල් බිලියන 201.6 ක් වූවේය. එසේම කොටස් හිමියන්ගේ අරමුදල් මෙම වසරේදී සෘණාත්මක මට්ටමක රුපියල් බිලියන 379.5 සීමාවේ පැවැතිණි.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනෙකුත් ආදායම් 2024/25 මූල්‍ය වර්ෂයේදී අනෙකුත් ආදායම් රුපියල් බිලියන 27.1 ක දක්වා සියයට 16 කින් පෙර වසරට සාපේක්ෂව වර්ධනය වී ඇත.
 



අදහස් (1)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 2.73 ක්

ගුණරත්න Friday, 24 October 2025 12:03 PM

සීයා කජුත් කාල රවුම් ගහල එත් ලාභත් හොයලා. එකට මුන් ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site