IMG-LOGO

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෝලීය සම්මාන දෙකක්

(යොහාන් භාසුර)

ගෝලීය වරාය සංසදය 26 වැනි වරට සංවිධානය කළ වාර්ෂික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ‘2023 වසරේ වරාය අධිකාරිය’ සහ ‘2023 වසරේ හොඳම රාජ්‍ය බහලු පර්යන්තය’ යන සම්මාන දෙක හිමිකරගත්තේය.

මෙවර ගෝලීය වරාය සංසදය ගෞරව සම්මාන උළෙල ඩුබායිහිදී පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගෝලීය වෙළෙඳ සහ නාවික ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් එහි අළෙවි හා මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් දයානන්ද සහ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලාල් වීරසිංහ යන මහත්වරු සම්මාන ලබාගත්හ. 



අදහස් (0)

ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෝලීය සම්මාන දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

Our Group Site