IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ශ්‍රී ලංකා රේගුව දිනක් තුළ ඉහළම ආදායම උපයයි

  • ඊයේ ඉපැයූ ආදායම රුපියල් මිලියන 2470ක්
  • මෙම වසරේදී මේ දක්වා රුපියල් බිලියන 1,867ක ආදායමක්

යොහාන් භාසුර

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම ඊයේ (15) දික වාර්තා කළ බව රේගුව අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 2470ක බදු මුදලක් ඊයේ රැස්කළ බවත් මෙම වසරේ වසරේදී මේ දක්වා කාලයේ රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කර ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීය.

මෙම වසරේ (2025 ) රේගුවට ලබා දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,115ක මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවන බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ  මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ශ්‍රී ලංකා රේගුව දිනක් තුළ ඉහළම ආදායම උපයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site