IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා ටෙලිකොම් වසරකට පසුව ලාභාංශ ගෙවයි

භානුක අමරසිංහ 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2024 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 25ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර තිබේ. 

මෙය 2024 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙස සමාගම පවසයි. ශ්‍රී ලංකා ටෙලිකොම් මගින් මේ වනවිට නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 1,782,251,183 ක් වන අතර, මෙම ලාභාංශ ගෙවීම යටතේ රුපියල් 445,562,795.75ක මුදලක් කොටස් හිමිකරුවන් වෙත ගෙවීමට නියමිතය. 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අවසන් වරට සිය කොටස් හිමිකරුවන්ට ලාභාංශ ගෙවීමක් කළේ 2023 වසරේදීය. එහිදීද 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ශත 25ක් බැගින් ලාභාංශ ගෙවීම සිදුවිය. 2023 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලාභාංශ ගෙවීමක් සිදු කර නැත. 

 



අදහස් (0)

ශ්‍රී ලංකා ටෙලිකොම් වසරකට පසුව ලාභාංශ ගෙවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site