IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල් වේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, පසුගිය දා කදිරවේලි සහ තම්පලමකමම් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමග නැගෙනහිර පළාතේ සිය ශාඛා ජාලය තවත් පුළුල් කළේය. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන නිලධාරී - ව්‍යාපාර නාමලී ඒ සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- ජාතික විකුණුම් (ජීවිත) ජගත් වෙල්ගම, සහකාර සාමාන්‍ය අධිකාරී/කලාප ප්‍රධානී පී. සතියන්, නැගෙනහිර ප්‍රාදේශික කළමනාකාරීත්වයල ත්‍රිකුණාමලය සහ මඩකළපුව ශාඛා කළමනාකාරීත්වය, සම්භාවනීය ආරාධිතයන් සහ ඉහත ශාඛාවලට සම්බන්ධ පාරිභෝගිකයෝ ද සහභාගී වූහ. 

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල ^Agency Business Development Center& වලින් පාරිභෝගිකයන්ට තවදුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලු‍ම රක්ෂණ අවශ්‍යතා පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.

 



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site