IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා කාර්යාලයක් තෙලිජ්ජවිලට




ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මාතර ශාඛාවට සම්බන්ධ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෙලිජ්ජවිල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය විවෘත කිරීමත් සමඟ දිවයිනේ දක්ෂිණ ප්‍රදේශය තුළ සිය පැවැත්ම පුළුල් කළේය.

තෙලිජ්ජවිල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (ABDC) අංක 19/1, වැලිගම පාර, තෙලිජ්ජවිල යන ස්ථානයේදී විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජාතික විකුණුම් ප්‍රධානී ජගත් වෙල්ගම, දකුණු ප්‍රාදේශික කළමනාකාරීත්වය, ජීවිත හා සාමාන්‍ය රක්ෂණ අංශ නියෝජනය කරමින් මාතර ශාඛා කළමනාකාරිත්වය, සම්භාවනීය ආරාධිතයන් සහ ඉහත ශාඛාවලට සම්බන්ධ පාරිභෝගිකයෝ ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center) වලින් පාරිභෝගිකයන්ට තව දුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතා පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා කාර්යාලයක් තෙලිජ්ජවිලට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site